Header Ads

Header ADS

බුකියේ යන බෝරාවරුන්ගේ තොප්පි කතාවේ ඇත්ත නැත්ත



 මේ දවස් කිහිපය තුළ බුකියේ යන කතාවක් තමයි බොරාගේ තොප්පි කතාව.
මේක කියවන කට්ටිය කරුණාකර මුළුමනින්ම කියවන්න බාගෙට කියවල කොමෙන්ට් කරන්න එපා. 

හරි අපි බලමු බුකියේ රවුම් ගහපු පලවෙනි video එක.



Video එක බැලුවනම් මේ බෝරා සෙට් එක පන්සල ඇතුළේ නෙවෙයි හිටියේ ඒගොල්ලෝ පාරේ යන කට්ටිය ඒ මිනිසුන්ව අල්ලලා අරක ගලවන්න මේක ගලවන්න කියලා  පිස්සු නටන එකෙන් තේරෙනවා මෙයා මොළයක් නැති අන්තවාදියෙක් කියලා. පාරේ යනකොටත් තොප්පි දාන්න එපා කියලා  අලුතෙන් නීතියක් වත් දාලද?   පන්සල ඉසරහින් තොප්පි දාලා යන්න හොඳ නැහැ එහෙත් දළදාව ඉස්සරහ අඩ නිරුවතින් ගැහැණු නටන්න පුළුවන්! දළදාව ඉස්සරහින් අඩ නිරුවතින් ගැහැණු නටද්දි මෙයා කොහෙද හිටියේ?
එමනිසා පළවෙනි වීඩියෝව සතයකටවත් ප්‍රයෝජනයක් නැති අන්තවාදී පුද්ගලයෙකුගේ වීඩියෝවක් පමණයි.
මෙතන මම අපේ නානලා සෙට් එක ගැනත් කියන්න ඕන. අපේ නානලා සෙට් එකක් මේ අන්තවාදයට අසාධාරණයට Support කරල තිබ්බා එයට හේතුව ඔවුන් බෝරා වරුන්ලු ඔවුන් මුස්ලිම් නොවේලු. මේ අන්තවාදයට Support කරපු නානලා මොනවද කියන්නෙ කිව්වොත් මුස්ලිම් නොවේ නම් ඔවුන්ට සාධාරණව හැසිරෙන්න  අවශ්‍ය නැහැ අන්තවාදී ලෙස හෝ අසාධාරණ ව කටයුතු කළ  හැකි බවයි. මේකේ තේරුම මේ අන්තවාදයට support කරපු නානලා අරාබි රටක හිටියනම් මුස්ලිම් නොවන අනිත් ආගම් වල ඉන්න මිනිස්සුන් අරාබි රටට ආවොත් මොවුන් අන්තවාදී ලෙස ඉතාමත් අසාධාරණව හැසිරෙන බවයි.


දැන් අපි දෙවෙනි වීඩියෝ එක බලමු


දෙවැනි වීඩියෝ එක බැලුවනම් තේරෙයි පළවෙනි වීඩියෝ එකේ හිටපු අර අන්තවාදී කෙනා වගේ නෙවෙයි මේ දෙවැනි වීඩියෝ එකේ ඒ පුද්ගලයා හැසිරෙන්නේ. ඉතාමත් විනීතව ඒ බෝරාවරුන්ට මේ පන්සලට ඇතුලු වෙනවා නම් එහි Rules මොකක්ද කියන එක ලස්සනට පෙන්වා දෙනවා ඒ මදිවට එතන ඔහු පෙන්වන Board එක ඉංග්‍රීසි වලින් තමා ලියල තියෙන්නෙ එහෙත් මේ බෝරා ගොන් හරකුන් හැසිරෙන්නේ හරකුන්ටත් බූරුවෙක්ටත් වඩා අන්ත ලෙසයි. ඔවුන්ට තවත් රටකට ගිහිල්ලා එම රටේ rules පිළිපදින්න බැරිනම් මොන අමාරු වට ද තවත් රටකට එන්නෙ?


කෙනෙක් තමන්ගේ ආගම වුන පළියට එයා වැරැද්දක් කරලා තිබ්බත් එය හරි කරන්න උත්සාහ දරන එකත් වැරැදි,
වැරැද්දක් නොකරපු පුද්ගලයෙකුට ඔහු තමන්ගේ ජාතිය නොවිච්ච පලියට ඔහුට වරද්ද පටවන එකත් වැරැදි.
මේ වැරැදි හැසිරීම සමහර සිංහල මිනිස්සු ගාවත් තියෙනවා සමහර මරක්කලයෝ ගාවත් තියෙනවා.


විශ්වාසවන්තයිනි! නීතිය අකුරටම පිළිපැදීමෙන් අල්ලාහ් වෙනුවෙන් ස්ථීර වූ සාක්ෂියක් වශයෙන් සිටිනු. ජනතාවගෙන් එක් පාර්ශවයක් කෙරෙහි (ඔබ තුළ) ඇති ජාතිවාදීභාවය (ඔවුන්ට) අපරාධ කරන ලෙසට ඔබව නොපොළඹවා සිටීමටද, (කොපමණ ක්‍රෝධයක් තිබුණා වුවද) ඔබ නීතියම ක්‍රියාත්මක කරනු. එයම පරිශුද්ධභාවයට ඉතාමත් සමීපව ඇත්තේය. (කුමන අවස්ථාවන්හි වුවද) ඔබ අල්ලාහ්ටම බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. (සූරා අල් මාඉදා 5:8)


විශ්වාසවන්තයිනි! ඔබ සාධාරණය මතම ස්ථීර වී සිටිනු. (ඔබ සාක්ෂි කියන්නෙහු නම්), ඔබට හෝ නැතහොත් ඔබගේ දෙමව්පියන්ට හෝ නැතහොත් (ඔබගේ) සමීප ඥාතීන්ට හෝ විරුද්ධව තිබුනා වුවද, අල්ලාහ් වෙනුවෙන් (සත්‍යයම) සාක්ෂි වශයෙන් කියනු. (ඔබ කවුරුන් වෙනුවෙන් සාක්ෂි දරන්නේද), ඔවුන් ධනවතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, දුප්පතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, (සත්‍යයම පවසනු. මන්දයත්) අල්ලාහ් ඒ දෙපක්ෂයටම ඉතාමත් සමීපයෙකු වශයෙන්ම සිටින්නේය. එබැවින් ඔබ, (ඔබගේ) ශරීර සුවය අනුගමනය කිරීමට සීමාව ඉක්මවා නොයනු! (තද ආශාවන් නිසා හෝ නැතහොත් වෛරය නිසා හෝ එය මුල් කරගෙන) ඔබ බොරු (සාක්ෂි) කීවා වුවද, නැතහොත් (සාක්ෂි) කීම ප්‍රතික්ෂේප කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය. (සූරා අන් නිසා 4:135)



~ අශ්ෆාක් රිශාඩ් - Ashfaaq Reshard ~

No comments

Powered by Blogger.